මෙක්සිකෝවේ ගිනිකෙළි ගබඩාවක සිදුවු පිපිරීම් මාලාවකින් පුද්ගලයින් 19 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා. තවත් 31 දෙනෙක් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා ප්රකාශ කළේ. මියගිය අය අතර ගිනි නිවන භටයින් 04 දෙනෙක් සහ පොලිස් නිලධාරින් දෙදෙනෙක් සිටිනවා. සෙසු පුද්ගලයින් එම කර්මාන්තශාලාවේ සේවයේ නියුතු අය බවයි වාර්තා වන්නෙ. එම ප්රදේශය ආශි්රතව හදිසි තත්ත්වයක් ප්රකාශයට පත් කිරිමට බලධාරින් කටයුතු කළා. මේ වන විට ගින්න පාලනය කර තිබෙනවා. 2016 වසරේ ද එම ප්රදේශයේ පිහිටි ගිනිකෙලි කර්මාන්තශාලාවක සිදුවු පිපිරිමකින් පුද්ගලයින් 40 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා.