රබර් වගාව සංවර්ධනය කිරිමේ නව වැඩපිළිවෙලක් සැළසුම් කර තිබෙනවා. ඒ සදහා චීනයේ සහය ලබා ගැනීමයි සැළසුම. දැනට ලෝක වෙළදපලේ පවතින තත්වය සමඟ ශ්රී්ර ලංකා රබර් වෙළදපලට තරඟකාරිත්වයක් ලබාදිමේ ගැටලු මතුව තිබෙනවා. ඊට ශ්රී්ර ලංකාවේ රබර් කර්මාන්තය ආශි්රත නිෂ්පාදන වියදම ඉහල යාම ප්රධාන හේතුවක්. එම තත්වය කළමනාකරණය කරගැනිම සදහා කිරි අස්වැන්න වැඩිදියුණු කිරිමයි සැළසුම. ඊට රබර් ඉඩම් නැවත වගා කිරිම , පාළු සිටුවීම සහ නියමිත වේලාවට කිරි කැපීම ඇතුළු යෝජනා ගණනාවක් ඇතුලත් බවයි වැවිලි කර්මාන්ත අමාත්යංශය පෙන්වා දෙන්නෙ.මෙරට රබර් කර්මාන්තය සංවර්ධනය කිරිම සදහා ඩොලර් මිලියන 30 ත් 50ත් අතර මුදලක් ලබාදිමට චීනය එකඟත්වය පළකර තිබෙනවා.
රබර් වගාව සංවර්ධනය කරන නව වැඩපිළිවෙල
කියවීමට මිනිත්තු 1