කොල්ලකෑම් වලට සම්බන්ධ පුද්ගලයින් තුන් දෙනෙක් මාරවිල නගරයේ දි අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් මාරවිල, පන්නල, වෙන්නප්පුව, කොස්වත්ත, දංකොටුව ප්රදේශවලදී කාන්තාවන් සතු රන් මාල , අත්බෑග් කොල්ලකෑමේ සිද්ධි රැසකට සම්බන්ධ බවයි හෙළිවුණේ. සැකකරුවන් සතුව තිබි යතුරුපැදි දෙකක්, ජංගම දුරකථන පහක්, කාන්තා අත්බෑග් පහක් ඇතුළු සොරා ගන්නා ලද භාණ්ඩ හමුවී තිබෙනවා. සැකකරුවන් ලුණුවිල ප්රදේශයේ පදිංචි අවුරුදු 21 ත් 18 ත් අතර වයසේ පසුවන්නන්. ඔවුන් පෙරවරුවේ මාරවිල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.