මුහුදේ අතරමංව සිටි සෝමාලියානු ධීවරයින් තුන් දෙනෙක් බේරා ගැනීමට ශ්‍රී‍්‍ර ලංකා නාවික හමුදාව සමත්වුණා. ගාලු ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 115 ක් දුරින් මුහුදු ප්‍රදේශයේ දි ඔවුන් බේරාගත් බවයි නාවික හමුදාව පවසන්නෙ. ඒ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සිදුකළ දැනුම් දිමකට අනුව. එම පිරිසට නාවික හමුදා වෛද්‍ය කණ්ඩායම් ප්‍රතිකාර ලබාදීමෙන් පසු ගාලු වරාය වෙත රැගෙන විත් තිබෙනවා. පසුව ඔවුන් ගාල්ල පොලිසිය වෙත භාර දිමට කටයුතු කළ බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය සදහන් කළේ.

අතරමංව සිටි සෝමාලියා ධීවරයින් පිරිසක් නාවික හමුදාව බේරා ගනී
කියවීමට මිනිත්තු 1