ITN මාධ්‍ය ජාලයේ හිටපු සභාපති සමන් අතාවුදහෙට්ටි මහතාට සමු දීමේ උත්සවය අද (05) අයිටීඑන් පරිශ්‍රයේ දී පැවැත්වුණා. “සමන් මෙහෙවරට හදින් හර සර” යනුවෙන් එය නම්කර තිබුණා.
අයිටීඑන් මාධ්‍ය ජාලයේ සභාපතිනී තිලකා ජයසුන්දර මහත්මිය, ප්‍රධාන විධායක නිලධාරී චන්දන තිලකරත්න, ක්‍රියාකාරී අධ්යක්ෂ විමල් කැටපේආරච්චි, සාමාන්‍යාධිකාරී අරුණ විජේසිංහ සහ ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතීඥ එරන්ද වැලිඅංගේ යන මහත්වරුන් එක්ව සිටියා. අයිටීඑන් මාධ්‍ය ජාලයේ ඉහළ කළමණාකාරිත්වය ඇතුළු සාමාජිකයින් ද මෙම අවස්ථාවට සහභාගී වුණා.
මෙහිදී අයිටීඑන් මාධ්‍ය ජාලය වෙනුවෙන් සමරු සිහිවටනයක් හිටපු සභාපති සමන් අතාවුදහෙට්ටි මහතාට පිළිගැන්වීම සිදු කෙරුණා. එම සමරු තිළිණය සභාපතිතුමිය වෙත භාරකලේ ආයතනයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාව වන සන්ධ්‍යා සේනානායක මහත්මියයි. අනතුරුව සභාපතිතුමිය සමරු තිළිණය සමන් අතාවුදහෙට්ටි මහතා වෙත පිරිනැමුවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/WFnC0uswmHc”]