fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වත්මන් රජය කිසිම දේපළක් විදේශයකට විකුණා නැහැ

ITN News Editor
By ITN News Editor ජූලි 5, 2018 19:29

වත්මන් රජය කිසිම දේපළක් විදේශයකට විකුණා නැහැ

හම්බන්තොට වරාය සම්බන්ධයෙන් චීන රජය කිසිදු බලපෑමක් කළේ නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. නැව් නැති හම්බන්තොට වරාය නැව් එන වරායක් බවට පත් කළ බව කී අග්‍රාමාත්‍යවරයා එය දියුණු වරායක් බවට පත්වනු ඇති බව ද කියාසිටියා. හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ හෙළිදරව්ව පිළිබඳ අද (05) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ අතර ජාතික විගණන කොමිෂන් සභාව දෙස බැලිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී පදනමක සිට බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා. ජාතික විගණන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී විවාදයට ගත් අවස්ථාවේයි ඒ මහතා මේ බව කියාසිටියේ.

(විගණනය අනිවාර්යයෙන්ම සිදු කළ යුතුයි. විගණනය කිරීමේ බලය අතිශය වැදගත්. ජාතික විගණන කොමිෂන් සභාව දෙස බැලිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය කියන පදනම මත සිටයි. ජාතික විගණන පනත ප්‍රමාද වීම ගැනත් විවිධ චෝදනා එල්ල වුණා. නමුත් මෙතෙක් පත් වූ කිසිදු රජයක් විගණන පනත ඉදිරිපත් කිරීමට කටයුතු කළේ නැහැ. වත්මන් ජනාධිපතිතුමා තොරතුරු පනත වගේම විගණන පනතක් ඉදිරිපත් කරන්න කටයුතු කළා. විගණන පනත නීතියක් බවට පත්වුණාට පස්සේ පාර්ලිමේන්තුවට එය අධීක්‍ෂණය කරන්න පුළුවන්. 2015 සිට සම්පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් ඇතිව තිබීම ගැන අපට සතුටු වෙන්න පුළුවන්. ස්වාධීන කොමිෂන් සභා තියෙනවා. විගණන කොමිෂම් සභාවක් තියෙනවා. මේ සියල්ල ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න ගෙන ආ දේවල්.)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 5, 2018 19:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්