fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එළවළු සහ පළතුරු අපතේ යාම වැළැක්වීම සදහා විජලනය කිරීමේ වැඩපිළිවෙළක්

ITN News Editor
By ITN News Editor ජූලි 5, 2018 15:36

එළවළු සහ පළතුරු අපතේ යාම වැළැක්වීම සදහා විජලනය කිරීමේ වැඩපිළිවෙළක්

පළතුරු සහ එළවළු අස්වැන්න වැඩිපුර ලැබෙන කාලවලදී ඒවා අපතේ යාම වළක්වා කල් තබා ගැනීම සඳහා විජලනය කොට අලෙවි කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය කටයුතු කරගෙන යයි.

මේ සඳහා අවශ්‍ය විජලන යන්ත්‍ර කිහිපයක් දැනටමත් චීනයෙන් ගෙන්වා ඇති අතර ඉදිරියේදී ජර්මනියෙන්ද එවැනි යන්ත්‍ර ගෙන්වා දිවයිනේ එළවළු සහ පළතුරු බහුලව වගා කෙරෙන ප්‍රදේශවල සවි කිරිමට යන බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

එමෙන්ම “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” ණය යෝජනා ක්‍රමය යටතේ මෙම විජලන යන්ත්‍ර ආනයනය කරන වගා කරුවන්ට සහන ණය ලබාදිමට යන බවද කෘෂිකර්ම අමාත්‍යංශයේ අද (05) පැවැති මාධ්‍ය හමුවේදී ඇමතිවරයා කිය.

ඉදිරියේදී කෙසෙල්, පේර , අඹ , වරකා , පැපොල් ආදී පළතුරු වර්ග මෙන්ම සමහර එළවළු වර්ගද විජලනය කොට අලෙවි කිරීමේ ක්‍රමවේදයක් සකස් කරගෙන යන බවත් එළවළු සහ පළතුරු අපතේ යාම බොහෝදුරට මේ මගින් අඩු කර ගතහැකි බවත් අමරවීර මහතා සඳහන් කළේය.

2017 වසරේදී පිටරටින් ආනයනය කළ බඩඉරිගු සඳහා රුපියල් මිලියන 2227 ද ,මිදි ආනයනය සදහා රුපියල් මිලියන 2711ද ,කජු සදහා රුපියල් මිලියන 750ක්ද ,ඉගුරු සහ කහ සදහා රුපියල් මිලියන 1315ක්ද, කුරක්කන් සඳහා රුපියල් මිලියන 213ක්ද මී පැණි සඳහා රුපියල් මිලියන 431ක්ද වැය කොට ඇතැයි පැවසූ අමරවීර මහතා ඉදිරියේදී මේවා කළාප වශයෙන් මේ රටේදී නිෂ්පාදනය කිරීමට කටයුතු යොදා ඇති බවද කීය.

ඒ අනුව බිබිල ප්‍රදේශයේ පැණි දොඩම් කළාපයක් , කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉගුරු කළාපයක් , උතුරු පළාත මුල් කොට ගෙන මිදි කළාපයක් ,අන්නාසි බහුලව වැවෙන ප්‍ර දෙශ පදනම් කරගෙන අන්නාසි කළාපයක් සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ බඩඉරිගු කළාපයක්ද පිහිටවනු ඇත.

මෙම කළාපවලින් ලබා ගන්නා අස්වැන්න අපනයනය කිරීමට පියවර ගන්නා බවද ඇමතිවරයා පැවසිය.

ITN News Editor
By ITN News Editor ජූලි 5, 2018 15:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar179.37183.04
USA
Pound219.38226.29
UK
Euro233.37240.63
EU
Yen1.611.67
Japan
Yuan25.7926.98
China
Dollar122.42127.51
Australia
CountryCurrencyRate
Dinar481.08
Dinar597.53
Riyal471.08
Riyal49.81
Riyal48.34
Dirham49.38