කැනඩාවේ කියුබෙක් නගරයට බලපා ඇති අධික උෂ්ණත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 18 දක්වා ඉහළ ගොස් තිබෙනවා.කියුබෙක් ප්‍රාන්තයේ, මොන්ට්‍රියෙල් නගරයට මෙමගින් වැඩිම බලපෑම් එල්ල වුණා. මොන්ට්‍රියෙල් හි පමණක් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව දොළහක්.
පසුගිය සති අන්තයේ සිට මෙම අයහපත් කාලගුණික තත්ත්වය පවතිනවා. දැනට පවතින දැඩි උණුසුම් සහිත දේශගුණය ඉදිරියටත් පැවතිය හැකි බව එරට කාලගුණ අංශ පවසනවා. පවතින දැඩි උෂ්ණත්වයෙන් ඇතිවන බලපෑම්වලින් වැලකීම සදහා නිසි පියවර ගන්නා ලෙස සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. පසුගිය දශක කිහිපයක කාලය තුළ කැනඩාවට බලපෑ දරුණුතම උණුසුම් කාලගුණ තත්ත්වය ලෙසයි මෙය හැදින්වෙන්නේ.