ඇමෙරිකාවේ ලිබර්ටි ප්රතිමාවට කාන්තාවක් නැඟීමට උත්සාහ කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා. ඒ හේතුවෙන් ලිබර්ටි දූපතේ සිටි සංචාරකයින් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගත්තා.ලිබර්ටි ප්රතිමාව ඇමෙරිකානුවන්ගේ නිදහසේ සංකේතය ලෙස සැලකෙනවා. ප්රතිමාවට නැගීමට උත්සාහ කළ කාන්තාව අත්අඩංගුවට ගැනුණා.
ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි පොලීසිය පැවසුවේ. ඇමෙරිකාවේ නිදහස් දින සැමරුමද අදට යෙදී තිබෙනවා. ඒ හේතුවෙන් විශාල ජනතාවක් ලිබර්ටි දූපතට පැමිණ සිටින බවයි වාර්තා වන්නේ. ලිබර්ටි ප්රතිමාව අභියස මේ වන විට විරෝධතාවක් පැවැත්වෙන අතර මෙම කාන්තාව විරෝධතාවට සහායක් ලෙස මෙලෙස හැසිරුනේද යන්න පොලිසිය සැකකෙරෙනවා.