fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

‘අපි ඔබගේ ඊමේල් කියවන්නේ නැහැ’ Google, ආරක්ෂක ගැටළු ගැන ප්‍රතිචාර දක්වයි

ITN News Editor
By ITN News Editor ජූලි 4, 2018 19:10

‘අපි ඔබගේ ඊමේල් කියවන්නේ නැහැ’ Google, ආරක්ෂක ගැටළු ගැන ප්‍රතිචාර දක්වයි

තෙවන පාර්ශවීය යෙදුම් සංවර්ධකයින්ට සමහර පරිශීලකයන්ගේ Gmail පණිවිඩ කියවිය හැකිය යන්න පිළිබඳ වෝල් ස්ට්‍රීට් ජර්නල් (WSJ ) සඟරාව පළ කළ තොරතුරු සම්බන්ධයෙන් ලොව පුරා මිලියන ගණනක පරිශීලකයෝ කැළඹීමට පටන් ගත්හ. Gmail ගිණුම් වල පවතින තොරතුරු ආරක්ෂා කරගැනීමට පියවර ගන්නා ලෙස විවිධ මාධ්‍ය ඔස්සේ පණිවිඩ හුවමාරු වන්නට පටන් ගත්තේය. සංචාරක සැලසුම් සහ මිල සැසඳුම් වැනි සේවා සම්බන්ධයෙන් ගූගල් ආයතනය මගින් තෙවන පාර්ශ්වන් මැදිහත් කර ගැනීමේදී මෙය සිදුවන බවයි එම පණිවිඩ වල සඳහන්ව තිබුණේ.

WSJ මඟින් නව හෙළිදරව් කිරීමක් සැබවින්ම සිදු නොවූ අතර, පෞද්ගලිකත්වය පිලිබඳ සංවාදය නැවත ඇති කිරීමට එම ලිපිය සමත් වී අැති බව ගූගල් සමඟම සඳහන් කරයි. Google සමාගම වටා ගොඩනඟන ලද ආන්දෝලනාත්මක ප්‍රවෘත්තිය සම්බන්ධව ගූගල් සමාගම ප්‍රතිචාර දක්වා තිබේ.

Google විසින් තෙවන පාර්ශ්වීය යෙදුමකට පිවිසෙන විට ලිපි වලට ඇතුළු වීමට අනුමැතිය ලත් සියගණන් සංවර්ධකයින්ට ඇති හැකියාව ගැන සඳුදා වෝල් ස්ට්‍රීට් ජර්නල් (WSJ ) සඟරාව පළ කළ තොරුතුරු සාමාන්‍ය භාවිතයක් බව ගූගල් සමාගම සඳහන් කරයි. පරිශීලකයාගෙන් පොදු භාවිත ගිවිසුම් මගින් ඒ සඳහා අවසර ලබා දෙනු ලැබේ.

වෝල් ස්ට්‍රීට් ජර්නල් විසින් මතු කරන ලද ප්‍රශ්නයට ප්‍රතිචාර දැක්වීම සඳහා සමාගම විසින් බ්ලොග් ලිපිනයක් භාවිතා කර ඇති අතර,  තෙවන පාර්ශවයක් ප්‍රවේශ වීමට ඇති සෑම ක්‍රමවේදයකින්ම පෞද්ගලික දත්ත ප්‍රවේශමෙන් ආරක්ෂා කරන බව අවධාරනය කරයි. එම ලිපිය විසින් සිදු කරන ලද හානිය සීමා කිරීම සඳහා ගූගල් ගිණුම්හි ආරක්ෂක, විශ්වාසනීය සහ පෞද්ගලිකත්වය පිළිබඳ අධ්‍යක්ෂ සුසාන් ෆේරි (Suzanne Frey – Director of security, trust and privacy at Google Cloud) වෙත පැවරා ඇති බවත් සඳහන් වෙයි.

– අන්තර්ජාලයෙන්

ITN News Editor
By ITN News Editor ජූලි 4, 2018 19:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්