fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විගනකාධිපතිට කොටුව මහේස්ත්‍රාත්වරියගෙන් නියෝගයක්

ITN News Editor
By ITN News Editor ජූලි 4, 2018 18:55

විගනකාධිපතිට කොටුව මහේස්ත්‍රාත්වරියගෙන් නියෝගයක්

රජයේ මුදල් රුපියල් මිලියන 4223 ක මුදලක් අවභාවිත කරමින් සාපරාධි සාවද්‍ය පරිහරණය කළ බව කියන සිද්ධියට අදාළව වෝහාරික විගණනයක් සිදු කරන ලෙස රජයේ විගනකාධිපතිවරයාට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළා. එන්ට්‍රස්ට් සිකියුරිටි සමාගමේ පාලනය 2011 වසරේ සිට ජාතික ඉතිරි කිරීමේ බැංකුව කළමනාකරණය සදහා භාරගන්නා අවස්ථාව දක්වා විගණනයක් සිදුකරන ලෙස මහේස්ත්‍රාත්වරිය දැනුම් දුන්නා.

සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත සිටින එහි අධ්‍යක්ෂවරුන් වන චානුක උපේන්ද්‍ර රත්වත්ත, ඉසිර ධර්මප්‍රිය බණ්ඩාර, රුමේෂා දූෂ්‍යන්ති සෙනරත් ,නන්දික සංජීව දයාරත්න, මධුෂාන් නිලොෂාන් රොමෙලෝ මෙන්ඩිස් යන සැකකරුවන් අද (4) අධිකරණයේ පෙනී සිටියා. ඔවුන්ට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ සහ ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ මූල්‍ය අපරාධ කොට්ඨාසය චෝදනා ගොනු කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකර ලබන 20 වනදා අධිකරණයට වාර්තා කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කළා

ITN News Editor
By ITN News Editor ජූලි 4, 2018 18:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්