fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වර්ජනය අසාර්ථකයි පාසල් සුපුරුදු පරිදි

ITN News Editor
By ITN News Editor ජූලි 4, 2018 18:25

වර්ජනය අසාර්ථකයි පාසල් සුපුරුදු පරිදි

අද දිනයේදී දිවයින පුරා පාසල් වසා තැබීමට ඇතැම් වෘත්තීය සමිති ගත් උත්සාහය අසාර්ථක වුණා. දිවයිනේ කිසිදු පාසලක් අද දිනයේදී වසා තිබුණේ නැහැ. සියලුම පාසල් අධ්‍යයන කටයුතු සදහා විවෘත කර තිබුණා. මේ අනුව එම වෘත්තීය ක්‍රියාමාර්ගයන් මුළුමනින්ම අසාර්ථක වුණා.

අද දිනයේදී පාසල් පැවැත්වෙන්නේ නැති බවට ඇතැම්  වෘත්තීය සමිති මෙන්ම සමහර මාධ්‍ය ආයතන ද අසත්‍ය ප්‍රචාර ගෙන ගියා. එහෙත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා දිගින් දිගටම අවධාරණය කළේ අද දිනයේදී කිසිදු පාසලක් වසාදමන්නේ නැති බවයි. එය සනාථ කරමින් දිවයිනේ සියලු පාසල් විවෘත කර තිබුණා. ගුරුවරුන් සහ සිසුන්ද සුපුරුදු පරිදි පාසල් පැමිණියා. ඊනියා වැඩ වර්ජකයන්ට නොරැවටී පාසල් පැමිණි සියලුම විදුහල්පතිවරුන්ට,ගුරුවරුන්ට සහ දරුවන් පාසලට එවූ දෙමව්පියන්ට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සිය ස්තූතිය පළ කරනවා.

අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්,

මේ අතර අද දිනයේදී පාසල් වැසීමට ගුරු සංගම් කිහිපයක් ගත් උත්සාහයට විරෝධය පළ කරමින් උද්ඝෝෂණයක් පැලවත්ත ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය අභියසදී පැවැත්වුණා. ඊට එරෙහිව තවත් පිරිසක් එම ස්ථානයට පැමිණ සිටියා. එහිදී දෙපිරිස අතර උණුසුම් තත්ත්වයක් ද හට ගැනුණා. ඒ හේතුවෙන් මාර්ග කිහිපයක ගමනාගමන කටයුතුද අඩාල වුණා.

මේ අතර සිසු දරුවන්ගේ අධ්‍යාපන අයිතිය උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට අද පැමිණිල්ලක් ඉදිරිපත් කෙරුණා. ජාතික අධ්‍යාපන සේවක සංගමයයි එම පැමිණිල්ල ඉදිරිපත් කළේ.

ඩී. එම් ප්‍රේමසිරි – ප්‍රධාන ලේකම් – ජාතික අධ්‍යාපන සේවක සංගමය,

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 4, 2018 18:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්