fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දිවයිනේ වැසි ඇතිවීමේ හැකියාව අඩු මට්ටමක

ITN News Editor
By ITN News Editor ජූලි 4, 2018 12:51

දිවයිනේ වැසි ඇතිවීමේ හැකියාව අඩු මට්ටමක

දිවයිනේ වැසි ඇතිවීමේ හැකියාව අඩු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි .සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සිහින් වැසි ඇති වේ.නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 02.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

මීගමුව සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සිහින් වැසි ඇති වේ.නැගෙනහිර මුහුදු ප්‍රදේශ‍ වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දිශාවෙන් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40 ක් පමණ වේ.හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (55) දක්වා වැඩිවිය හැකි අතර, එවිට එම මුහුදු ප්‍රදේශ රළු විය හැක. පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වා වැඩි විය හැකි අතර, එවිට එම මුහුදු ප්‍රදේශතරමක් රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ITN News Editor
By ITN News Editor ජූලි 4, 2018 12:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්