දූෂණ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක් එම චෝදනාවලට වැරදිකරු බවට අධිකරණය තීරණය කළා. ඊයේ ඔහුගේ නිවසේ සිටියදී දූෂණ මර්දන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ ඔහු අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
මැලේසියා හිටපු නායකයා සිය රාජ්ය පාලන සමයේදී මැලේසියානු සංවර්ධන අරමුදලින් ඇමෙරිකා ඩොලර් මිලියන 700 ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙනුයි මෙසේ අත්අඩංගුවට ගැණුනේ. කෙසේ වෙතත් ඔහු මෙම චෝදනා ප්රතික්ෂේපකර තිබුණා. පසුගිය මැයි නව වනදා පැවති මැතිවරණයෙන් ඔහු පරාජයට පත්වුණා. මැලේසියා හිටපු අගමැතිවරයා අධිකරණයට පැමිණෙන අවස්ථාවේදී විශේෂ පොලිස් හා හමුදා ආරක්ෂාවක් යොදවා තිබුණා.