fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නීතිපති උපදෙස් ලැබෙන තෙක් රතු පස්වල නඩුව කල් යයි

ITN News Editor
By ITN News Editor ජූලි 4, 2018 12:04

නීතිපති උපදෙස් ලැබෙන තෙක් රතු පස්වල නඩුව කල් යයි

බීමට ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ රතුපස්වල ජනතාවට ප්‍රහාරයක් එල්ල කිරීම පිළිබද නඩුව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේදී අද යළි විභාගයට ගැනුණා.රතුපස්වල ජනතාව බීමට ජලය ඉල්ලා සිදුකළ උද්ඝෝෂණයට ප්‍රහාරයක් එල්ල කෙරුනේ 2013 අගෝස්තු පළමුවනදායි.

එම වෙඩි ප්‍රහාරයෙන් දෙදෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලැබුවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා හිටපු බ්‍රිගේඩියර්වරයෙකු ඇතුළු තවත් තුන්දෙනෙකුට එරෙහිව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුවයි අද යළි විභාගයට ගැනුණේ. සැකකාර හිටපු බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන් අද අධිකරණයට පැමිණ සිටියා. මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ චූදිතයන්ට අදාළව දණ්ඩ නීති සංග්‍රහයේ කුමන චෝදනාවක් යටතේ නඩු පවරන්නේ ද යන්න පිළිබදව නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා ඇති බවයි. එය තවම ලැබී නැති බව ද එම නිලධාරීන් ප්‍රකාශ කළා. ඒ අනුව නීතිපති උපදෙස් ලැබෙන තෙක් නඩුව ලබන ඔක්තෝබර් මස දහවනදා දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා තීරණය කළා.

 

ITN News Editor
By ITN News Editor ජූලි 4, 2018 12:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්