එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මේ දවස්වල ජල අර්බුදයක් තියෙනවා කියලා ඔබ දන්නවානේ.ඉතින් මේ ජල අර්බුදයට විසඳුමක් හොයා ගන්න එරට බලධාරීන් සමත් වෙලා.
ඔවුන් මේ සඳහා ඇන්ටාක්ටික් මහාද්වීපයේ පාවෙන හිම කුට්ටි එක්සත් අරාබි එමීරයේ වෙරළට ඇදගෙන ඒමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන්න ඉන්න බව තමයි වාර්තා වෙන්නේ. මේ කටයුත්ත ලබන වසරේ සිට ආරම්භ කරන්න එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලධාරීන් සැළසුම් කර තිබෙනවා.
මේ ව්‍යාපෘතිය වෙනුවෙන් ආයෝජනය කරන්නට අපේක්ෂිත මුදල ඇමරිකානු ඩොලර් මිලියන 60ක් බවයි වාර්තා වෙන්නේ.
මේ වසරේ සිට එරට ක්‍රියාත්මත ‘ සයේඩ් වර්ෂය ‘ වෙනුවෙනුයි මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන්නේ. යම් හෙයකින් මෙය සාර්ථක වුණොත් 2020 වසරේ මුල භාගයේ සිට විශාල හිම කුට්ටි එමීර් රාජ්‍යයට රැගෙන ඒමටයි සැලසුම් වී තිබෙන්නේ.
මෙහි පළවෙනි සැළැස්ම විදියට ඇන්ටාක්ටිකා අයිස් පළමුවෙන්ම ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරට හෝ දකුණු අප්‍රිකාවේ කේප් තුඩු වෙරළට රැගෙන ඒමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.