fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලිතුවේනියාව සමඟ පැවැත්වෙන පාපන්දු තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

ITN News Editor
By ITN News Editor ජූලි 4, 2018 09:30

ලිතුවේනියාව සමඟ පැවැත්වෙන පාපන්දු තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

ලිතුවේනියා පාපන්දු කණ්ඩායම සමග පැවැත්වෙන පළමු පාපන්දු තරගය සදහා ක්‍රීඩකයින් විසිතුන්දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. දෙරට අතර පළමු තරගය ලබන 8 වනදා කොළඹ නව තුරග තරග ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතයි.

2010 වසරෙන් පසුවයි විදෙස් ජාත්‍යන්තර පාපන්දු කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන්නේ. ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය නාවික හමුදා පාපන්දු කණ්ඩායම නියෝජනය කරන සුභාෂ් මධුෂාන්ට ලබා දී තිබෙනවා. ඔහු 2010 වසරේ සිට ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙක්. මේ අතර ලිතුවේනියාව සමග දෙවන පෙළ තරගයක් ලබන 11 වනදා පැවැත්වීමටද නියමිතයි.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 4, 2018 09:30

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්