fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

16 වටයේ තරග අවසන් – ස්වීඩනය සහ එංගලන්තය අර්ධ අවසන් පුර්ව වටයට

ITN News Editor
By ITN News Editor ජූලි 4, 2018 09:18

16 වටයේ තරග අවසන් – ස්වීඩනය සහ එංගලන්තය අර්ධ අවසන් පුර්ව වටයට

21 වන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 16  වටයේ තරග ඊයේ (03) නිමා උනා. ස්වීඩනය හා ස්විස්ටර්ලන්තය අතර පැවති උනුසුම් තරගයෙදී ගෝල 01 බිංදුවක් ලෙස ජය හිමිකර ගැනීමට ස්වීඩනය සමත් උනා. ඒ අනුව අර්ධ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගැනිමට ස්වීඩනය සමත් උනා.

16 වටයේ අවසන් තරගය ලෙස එංගලන්තය හා කොලොම්බියාව අතර තරගය පැවත් වුනා. නියමිත කාලය අවසන් වින විට කණ්ඩායම් දෙකම ගෝල එක බැගින් ලබා ගෙන සිටියා. එබැවින් අතිරේක කාලයක් ලබා දුන්න ද කණ්ඩායම් දෙකටම ගෝල ලබා ගැනිමට හැකිවුයේ නැහැ. එබැවින් දඩුවම් පහර ලබා දීමට තීරණය කෙරුනා. එහිදි දඩුවම් පහර 4 ට 3ක් ලෙස සාර්ථක වීමට එංගලන්තය සමත් වුනා. ඒ අනුව අර්ධ අවසන් පුර්ව වටයේදී එංගලන්තය ස්වීඩනය සමග තරග කිරිමට නියමිතයි.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 4, 2018 09:18

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්