රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය එල්ටීටීඊය සම්බන්ධයෙන් කළ බව කියන ප්‍රකාශය පිළිබඳ විමර්ශනය කර නීතිමය පියවර ගන්නා ලෙස නීතිපතිවරයාට කතානායක කරූ ජයසූරිය මහතා දැනුම් දුන්නා. මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අද (03) පාර්ලිමේන්තුවේ දී අදහස් පළවීමත් සමග පාර්ලිමේන්තුව උණුසුම් වුණා. උද්ගත වූ තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුව හෙට (04) දිනය දක්වා කල් තැබීමටයි කතානායකවරයා පියවර ගත්තේ.
යාපනය වීරසිංහම් ශාලාවේ පැවති උත්සවයක දී රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශයයි බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණේ. මේ පිළිබඳ අද(03) පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී එස එම් මරික්කාර් මහතා ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පළ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/K3c4jY7Dqnw”]
මේ අතර නිවේදනයක් නිකුත් කරන කතානායක මාධ්‍ය අංශය සඳහන් කරන්නේ විජයකලා මහේෂ්වරන් රාජ්‍ය අමාත්‍යවරියගේ ප්‍රකාශය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හත් වන උපලේඛනයේ සඳහන් දිවුරුම උල්ලංඝනය වී ඇති බවට මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අදහස් දැක්වූ බවයි. ඒ අනුව අදාල ප්‍රකාශය පිළිබඳ විමර්ශනය කොට නීතිමය පියවර ගන්නා ලෙස නීතිපතිවරයා වෙත දන්වා යැවීමට පියවර ගත් බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.
රාජ්‍ය අමාත්‍යවරියගේ ප්‍රකාශය හා ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අද (03) හැසිරුණු ආකාරය පිළිබඳ ස්ථාන කිහිපයක දීම අදහස් පළ වුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/gl7gftWaKLw”]