fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විලියම් කුමරු හමු වූ ඊශ්‍රායල ගායිකාව

ITN News Editor
By ITN News Editor ජූලි 3, 2018 14:09

විලියම් කුමරු හමු වූ ඊශ්‍රායල ගායිකාව

බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු පසුගියදා සිදු කළ මැදපෙරදිග සංචාරයේදී  2018 වසරේ Eurovision සංගීත සම්මානය ලබා ගත් ඊශ්‍රායල ගායිකා නෙටා බර්සිලායි (Netta Barzilai) මුණ ගැසුණා.මේ  සංචාරයේ දී නෙටා ව මුණ ගැසීමට හැකිදැයි ඔහු විමසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.මේ ආරංචිය කණ වැකුණු ගමන්ම තමාට කියා ගත නොහැකි සතුටක් ඇති වූ බවයි නෙටා කියන්නේ.කොහොම වුණත් මේ දෙදෙනා ටෙල් අවිව් නගරයේ ඇවිදිමින් කතා බහ කළා.මානසික සෞඛ්‍යය හා වාර්ගිකත්වය පිළිබඳ ඔවුන් සාකච්ඡා කර තිබෙන බවයි ආරංචිය.

නෙටා බර්සිලායි මේ වසරේ Eurovision සංගීත සම්මානය දිනා ගත්තා.ඒ Toy  නම් වූ ගීතය වෙනුවෙන්.එහිදී මිනිසුන් ට තමන්ගේ විවිධත්වයන් අගය කරන ලෙස පණිවුඩයක් ලබා දෙන ආකාරයට එම ගීතය නිර්මාණය කර තිබෙනවා.

කොහොම වුණත් මේ හමුවීම ජීවිතේ අමතක නොවන හමුවක් බවත් විලියම් කුමරු බොහොම ප්‍රියජනක චරිතයක් බවත් ඇය කියා තිබුණා.

ITN News Editor
By ITN News Editor ජූලි 3, 2018 14:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්