fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලියේ පළමු තරගයට තණතිල්ල සූදානම්

ITN News Editor
By ITN News Editor ජූලි 3, 2018 10:36

දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලියේ පළමු තරගයට තණතිල්ල සූදානම්

එලඹෙන  දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ගාල්ල ජාත්‍යාන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවැත්වීමට සැලසුම් කර ඇති  පළමු තරගය සඳහා තණතීරුවේ ප්‍රතිසංස්කරණ  කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන් වී තිබෙනවා.

අල්ජසීරා නාලිකාව වාර්තා වැඩසටහනක් ඉදිරිපත් කරමින් පසුගියදා වාර්තා කළේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ තණතීරුව මුදලට තරග පාවාදෙන්නන්ට අවශ්‍ය ලෙස සකස් කළ හැකි බවට ක්‍රීඩාංගන නිළධාරීන් ප්‍රකාශ කරන ආකාරයයි.

ඒ පිළිබඳ පරීක්ෂණයක් මේ වන විටත් සිදු වෙමින් පවතිනවා. කෙසේ වෙතත්   එම තණතීරුව දකුණු අප්‍රිකා තරගාවලිය සඳහා සම්පූර්ණයෙන්  ප්‍රතිසංස්කරණ කිරීමේ කටයුතු මේ වන විට අවසන් වී තිබෙනවා. එමෙන්ම ක්‍රීඩා පිටියේ  පුහුණු වීම් සඳහා භාවිත කරන තණතීරුව සකස් කිරීමේ කටයුතු  ද තවදුරටත් සිදු වනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 3, 2018 10:36

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්