ඇමෙරිකා බදු ප්රතිපත්තියට කැනඩාව එරෙහි වෙයි
Related Articles
ඇමෙරිකා බදු ප්රතිපත්තියට එරෙහිව කැනඩාව ක්රියා මාර්ග ගෙන තිබෙනවා. ඇමෙරිකා එක්සත් ජනපදය කැනඩාවෙන් ආනයනය කරන වානේ හා ඇලුමිනියම්වලට පැනවූ බද්දට එරෙහිව තමන් ද බද්දක් පනවන බවයි කැනඩා රජය සඳහන් කරන්නේ.
ඒ අනුව ඇමෙරිකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා කැනඩා ඩොලර් බිලියන 16යි දශම 6 ක නව බද්දක් පැනවීමට නියමිතයි. භාණ්ඩ වර්ග 120 කට පමණ නව බදු පැනවීම බලපානවා. ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ආනයනය කෙරෙන ටොෆි වර්ග, කෝපි, ජෑම් වර්ග ආදිය සඳහා ද බදු වැඩි කිරීම බලපානු ඇති බවයි කැනඩා බලධාරීන් පවසන්නේ.