කොළඹ මියුසියස් විද්‍යාලය සහ ගේට්වේ ජාත්‍යන්තර පාසල අතර පළමු වරට සංවිධානය කළ මාරි මියුසියස් රෝහිණි අලස් අභියෝග කුසලාන නෙට්බෝල් ශූරතාව දිනා ගැනීමට කොළඹ මියුසියස් විදුහල සමත් වුණා. කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී වයස් කාණ්ඩ 02 ක් යටතේ මෙම තරගය සංවිධාන කර තිබුණා.
එහි වයස අවුරුදු 15 න් පහළ තරගය පහසුවෙන් ජයගැනීමට මියුසියස් විදුහල සමත් වුණා. ප්‍රධාන තරගය වූ වයස අවුරුදු 20 න් පහළ තරගයෙන් ගේට්වේ ජාත්‍යන්තර පාසල පරාජය කරමින් තියුණු ජයක් වාර්තා කිරීමට මියුසියස් විදුහල සමත් වුණා.
මෙම තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස මියුසියස් විද්‍යාලයේ ප්‍රමෝදා ජයසේකර සම්මාන දිනාගත්තා. මෙම තරගාවලියට සමගාමීව පැවති ආරාධිත පාසල් තරගයේදී මහනුවර ගේට්වේ ජාත්‍යන්තර පාසල පරාජය කරමින් පහසු ජයක් වාර්තා කළේ කොළඹ විශාකා විද්‍යාලයයි.