fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනාධිපති කුසලාන පාසල් රග්බි තරගාවලියේ ජය ශාන්ත පීතර විදුහලට

ITN News Editor
By ITN News Editor ජූලි 1, 2018 14:25

ජනාධිපති කුසලාන පාසල් රග්බි තරගාවලියේ ජය ශාන්ත පීතර විදුහලට

ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය සංවිධාන කරන ජනාධිපති කුසලාන පිලිමලුන් පිටුදැකීමේ තරගාවලියේ අවසන් මහා තරගය ශාන්ත පීතර හා මරදාන ශාන්ත ජෝශප් යන විදුහල් අතර පැවැත්වුණා.

එහිදී 22 ට 20 ක් ලෙස තියුණු ජයක් ලබා ගැනීමට සමත් වුණේ ශාන්ත පීතර විදුහලයි. ඒ අනුව ජනාධිපති කුසලානය දිනා ගැනීමට ශාන්ත පීතර ක්‍රීඩකයින් සමත්වුණා. තරගය විදුලි ආලෝකය මධ්‍යයේ කොළඹ නව තුරග තරග රග්බි පිටියේදී පැවැත්වුණා.

තරගයේ ප්‍රථම භාගය නිමාවන විට ශාන්ත පීතර විදුහල ලකුණු 5ක් ලබා සිටියේ එක් උත්සාහක දිනුමක් සමගින්. ප්‍රථම භාගය අවසන් වන විට ශාන්ත ජෝශප් විදුහල උත්සාහක දිනුම් 2ක්  ප්‍රවර්ථන 2 ක් හා දඩුවම්පහරක් සමගින් ලකුණු 17 ක් රැස් කරගෙන සිටියා. තරගය නිමාවන විට ශාන්ත පීතර විදුහල උත්සාහක දිනුම් 4 ක් හා ප්‍රවර්ථන 1ක් සමග ලකුණු 22 ක් ලබා සිටි අතර මරදාන ශාන්ත ජෝශප් විදුහල ලබා සිටියේ ලකුණු 20ක් පමණයි.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 1, 2018 14:25

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්