fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙසී හා රොනාල්ඩො තරගාවලියෙන් ඉවතට

ITN News Editor
By ITN News Editor ජූලි 1, 2018 11:23

මෙසී හා රොනාල්ඩො තරගාවලියෙන් ඉවතට

පසුගිය වසර 10 පුරා ලොව දක්ෂතම පාපන්දු ක්‍රීඩකයා සම්මානය දිනා ගත් ලියොනොල් මෙසී හා ක්‍රිස්ටියානෝ රොනාල්ඩොගේ කණ්ඩායම් දෙක මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට ගොස් තිබෙනවා.

රුසියාවේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ පිලිමළුන් පිටුදැකීමේ සුපිරි කණ්ඩායම් 16 වටය ආරම්භ කරමින් ප්‍රභල ආජන්ටිනාව සමග පැවති තරගයේදී ගෝල 04 ට  03 ක් ලෙස තියුණු ජයක් ලබා ගැනීමට ප්‍රංශය සමත්වුණා. ලොව අංක එකේ පාපන්දු ක්‍රීඩකයා වූ ලියොනෙල් මෙසී ක්‍රීඩා කළ ආජන්ටිනා කණ්ඩායම පරාජය කිරීමට මෙලෙස ප්‍රංශයට හැකිවූයේ එරට ලාබාල කේලියන් ඇම්ඇට්පේ වාර්ථා කළ ගෝල දෙකත් සමගයි. 19 හැවිරිදි කේලියන්ගේ වේගවත් තරග රටාව ආජන්ටිනා පසුපෙළ ක්‍රීඩකයින්ට නතර කිරීමට නොහැකිවීම මෙම පරාජයට හේතුව බවයි පාපන්දු විචාරකයින් පෙන්වා දෙන්නේ. පාපන්දු ලොව මීලග පරම්පරාව කේලියන් බිහිකළ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ අතර සුපිරි කණ්ඩායම් 16 වටයේ ප්‍රභල පෘතුගාලය සමග පැවති තරගය ගෝල 02 ට 01 ක් ලෙස තියුණු ජයක් වාර්ථා කිරීමට උරුගුවේ සමත්වුණා. ලොව හොදම පාපන්දු ක්‍රීඩකයින් අතර සිටින වැඩිම වාර්ශික ආදාමක් උපයන ක්‍රීඩකයකුවන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ක්‍රීඩාකළ පෘතුගාලය මෙලෙස පරාජය වීමට හේතුව ලෙස පාපන්දු විචාරකයින් පෙන්වා දෙන්නේ ඔහුට අවශ්‍ය සහය කණ්ඩායමෙන් හිමි නොවීමයි. උරුගුවේ කණ්ඩායම ලබා ගත් ගෝල දෙක වාර්ථා කරමින් එඩින්සන් කවානි ජයග්‍රහණයේ නියමුවා වුණා. මේ අනුව ලබන 06 වැනිදා පළමු අර්ධ අවසන් පූර්ව වටයේ තරගයේදී මුණගැසෙන්නේ උරුගුවේ හා ප්‍රංශයයි.

 

ITN News Editor
By ITN News Editor ජූලි 1, 2018 11:23

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්