fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකාව කෙරෙහි කොන්දේසි විරහිත මිත්‍රශීලී ප්‍රතිපත්තියක්

ITN News Editor
By ITN News Editor ජූලි 1, 2018 11:57

ශ්‍රී ලංකාව කෙරෙහි කොන්දේසි විරහිත මිත්‍රශීලී ප්‍රතිපත්තියක්

චීනය ශ්‍රී ලංකාව කෙරෙහි කොන්දේසි විරහිත මිත්‍රශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව මෙරට චින තානාපති කාර්යාලය නිවේදනය කරනවා.ශ්‍රී ලංකාවේ නිදහස  , ස්වාධීනත්වය  ,කලාපීය සහයෝගීතාව සහ අන්තර් සබදතා සදහා චීනයෙන් ලැබෙන සහාය නිබදව හිමවන බවයි චීන තානාපති කාර්යලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

යුද්ධය අවසන් කිරීමට සහ පශ්චාත් යුද ප්‍රතිසංස්කරණ සදහා චීනයෙන් ලැබුණු සහාය ශ්‍රී ලංකා ප්‍රජාව ඉහළින් අගය කිරීම තමන්ට  ‍ධෛර්යක් බවයි   එම නිවේදනයේ දැක්වෙන්‍නේ. තෙවන පාර්ශවයක මැදිහත්වීමකින් තොරව ශ්‍රී ලංකාව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට චීන රජය සූදානමින් සිටිනවා.   දෙරටේ නායකයන් අතර ඇති කරගෙන තිබෙන ඉලක්ක සාක්ශාත් කර ගැනීම සදහා චීන රජය කැප වන බවද එම නිවේදනයේ සදහන්. දෙරටේම ජනතාවට වාසි සැලසෙන අයුරින් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම චීන රජයේ අපේක්ෂාවයි.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 1, 2018 11:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්