fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

“Ekta” එයි

ITN News Editor
By ITN News Editor ජූනි 30, 2018 18:59

“Ekta” එයි

සුමන් රෙඩ් අධ්‍යක්ෂවරයාගේ  නවතම සිනමා නිර්මාණය ලෙසින්“Ekta” ප්‍රදර්ශනය කිරීමට සියලු කටයුතු මේ වන විට සුදානම් කර තිබෙනවා.  ධාබෝ මලික්ගේ සංගීතයෙන් හැඩවුණු මෙම සිනමාපටය නිෂ්පාදනය කරන්නේ සුමන් රෙඩ් හා භික්ෂමන් විසිනුයි. ත්‍රාසය, භීතිය පිරි ප්‍රේම වෘතාන්තයක් වන මෙම සිනමාපටය “Ekta” නම් ප්‍රධාන චරිතය වටා දිග හැරෙයි.

රැකියාවෙන් මද විරාමයක් ලබාගැනීම සඳහා කේරළයට එන “Ekta”ට එහිදී රහුල් මුණගැසෙයි. ඔවුන් දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධයක් ගොඩනැගෙන අතර එක දිගට සිදුවන්නා වූ රහස් මිනීමැරුම් සම්බන්ධයෙන් පොලීසිය මෙම පෙම්වතුන් යුවළ සැක කරයි. එම සැක කිරීම් මත ඔවුන්ට නගරයෙන් පිටවීමට ද තහනම් වෙයි. නමුත් මෙම යුවළ මිනීමැරුම්වලට සම්බන්ධ පොලිසියට මිනීමරුවා සොයගත හැකිද යන්න ප්‍රශ්නාර්ථයක් ව යමින් “Ekta” කතාංගය දිග හැරෙයි.

ඉන්දියානු රූ රැජින ලෙස කිරුළු පැළදි ගව්තීන් කෝරු දිලන් සමඟ රොබින් සෝභින් ගේ අපූරු රංගනයෙන් හැඩවුණු “Ekta” ජුලි මස 13සිට ලොවපුරා ‍ ප්‍රදර්ශනයට නියමිතයි.

 

ITN News Editor
By ITN News Editor ජූනි 30, 2018 18:59

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්