සිරියාවේ සරණාගත කඳවුරක සිටි දෙපා අහිමි දැරියට තුර්කියේදී ප්‍රතිකාර
Related Articles
සිරියාවේ සරණාගත කඳවුරක සිටි දෙපා අහිමි මායා මේර්හි දැරියට තුර්කියේදී ප්‍රතිකාර කිරීම ආරම්භ වුණා. ඉස්තාන්බුල් නුවර රෝහලක් ඇයට ප්‍රතිකාර කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අවුරුදු 8 ක් වයසැති දැරිය ප්ලාස්ටික් කෝප්ප සහ ටින් කැබලි වලින් සකසා ගත් පාද දෙකකින් ගමන් කරන ඡායාරූපයක් අන්තර්ජාලයේ පලවීමත් සමඟ ලොව පුරා අවධානය ඇය කෙරෙහි යොමු වී තිබෙනවා. ඒ අනුව ඇයට ප්‍රතිකාර ලබා දීමට රටවල් රැසකින් ජනතාව ඉදිරිපත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.