fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

“තුරුණු දිරිය” රට පුරා

ITN News Editor
By ITN News Editor ජූනි 30, 2018 15:40

“තුරුණු දිරිය” රට පුරා

යොවුන් ව්‍යවසායකයන් නගාසිටුවීම අරමුණු කරගනිමින් අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලයේ මැදිහත්වීම මත ක‍්‍රියාත්මක වන තුරුණු දිරිය ලංකා බැංකු ණය යෝජනා ක‍්‍රමයට මේ වන විට දිවයින පුරා සිටින කුඩා පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන් ඉතා ඉහළ ඉල්ලුමක් ලැබෙමින් පවතී.

පසුගිය දා අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ දී පවත්වනු ලැබු ප‍්‍රගති සමාලෝචන සැසියේ දී ශ්‍රී ලංකා කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මඟින් මෙම තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා .

මේ වනවිට ණය යෝජනා ක‍්‍රමය සඳහා සුදුසුකම් සහිත ප‍්‍රතිලාභීන් 904 දෙනෙකු හඳුනාගෙන ඇති අතර එයින්  519 දෙනෙකු සඳහා ව්‍යාපාර සැලසුම් සකස්කර අවසන් කර තිබේ.

මෙම ව්‍යාපාර සැළසුම් අතරින් 366ක් ලංකා බැංකුව වෙත බාරදීම සඳහා මේ වන විට ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යොමු කර ඇති අතර 100කට අධික ව්‍යාපාර සැලසුම් සංඛ්‍යාවක් ලංකා බැංකුව වෙත බාර දී ඇති බවත් එහි දී කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මඟින් හෙළිකර ගෙන ඇත.

තුරුණු දිරිය ලංකා බැංකු ණය යෝජනා ක‍්‍රමය මඟින් උපාධියක් පිළිගත් වෘත්තිය සහතිකයක් සහිත කුඩා පරිමාණ ව්‍යවසායකයන් සඳහා ඇප නොමැතිව/ලිහිල් ඇප ක‍්‍රමයක් යටතේ මෙම ණය ප‍්‍රදානය කරයි. අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලයේ මෙහෙයවීම මත කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සහ දිවයිනේ සියලුම දිස්ත‍්‍රික් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ඒකාබද්ධව මෙය ක‍්‍රියාත්මක වේ.

ITN News Editor
By ITN News Editor ජූනි 30, 2018 15:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar174.31178.06
USA
Pound219.38226.29
UK
Euro195.48202.19
EU
Yen1.591.65
Japan
Yuan25.1126.28
China
Dollar120.42125.45
Australia
CountryCurrencyRate
Dinar467.71
Dinar580.41
Riyal457.99
Riyal48.42
Riyal47.01
Dirham48.00