fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රීලංකන් ගුවන් ටෝස්ට්මාස්ටර්ස් සමාජයට ඉතිහාසගත හැරවුම් ලක්ෂයක්

ITN News Editor
By ITN News Editor ජූනි 29, 2018 21:08

ශ්‍රීලංකන් ගුවන් ටෝස්ට්මාස්ටර්ස් සමාජයට ඉතිහාසගත හැරවුම් ලක්ෂයක්

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ටෝස්ට්මාස්ටර්ස් සමාජය “Ovation 2018’ නමින් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වූ ටෝස්ට්මාස්ටර්ස් ජාත්‍යන්තර දිස්ත්‍රික් 82 වාර්ෂික සම්මන්ත්‍රණයේ දී ගෞරවනීය ගෝල්ඩන් ගැවල් සම්මානයෙන් සහ ගුණාත්මක සමාජ සම්මානයෙන් (Quality Club Award)  පිදුම් ලැබුවා.

මෙවැනි මට්ටමේ විශිෂ්ට සම්මාන රැසකින් පිදුම් ලැබීමට හැකිවූ ප්‍රථම අවස්ථාව වශයෙන් ශ්‍රීලංකන් ටෝස්ට්මාස්ටර්ස් සමාජය, ඉතිහාසගත හැරවුම් ලක්ෂයක් මෙමගින් සනිටුහන් කර තිබෙනවා. ගෝල්ඩන් ගැවල් සම්මානයෙන් පිදුම් ලැබීමට මේ වසරේ දී සමත් වූයේ ශ්‍රී ලංකාවේ ආයතනික සමාජ 7 ක් පමණි.

ටෝස්ට්මාස්ටර්ස් සමාජයේ සභාපති ගයනිකා ගුණසේකර සහ විධායක කමිටුව, ශ්‍රීලංකන් ටෝස්ට්මාස්ටර්ස් සමාජය සඳහා ජනපති විශේෂ සම්මානය ලබාගැනීමට මඟපෙන්වීමට කටයුතු කර තිබෙනවා. 2017/18 වසර තුළ ශ්‍රීලංකන් ටෝස්ට්මාස්ටර්ස් මගින් සමාජ ගුණාත්මක බව (Club Quality) ,සමාජ සම්බන්ධතා (Club Engagement) සඳහා විශිෂ්ටත්වයක් වාර්තා කර ඇති අතර 89% ප්‍රබල කාර්ය සාධනයක් ලබාගනිමින් සම්මානය සඳහා අවශ්‍ය 85% කාර්ය සාධනයකට වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් ලබාගැනීමට ගුවන් සමාගමට හැකිවී ඇත.

ශ්‍රිලංකන් ටෝස්ට්මාස්ටර්ස් සමාජයේ කමල් දීපශාන්ත සුවිශේෂී ටෝස්ට්මාස්ටර්ස් සම්මානය (Distinguished Toastmaster (DTM) ලබාගත් අතර එය ටෝස්ට්මාස්ටර්ස් සන්නිවේදනය සහ නායකත්ව අංශය සඳහා වන උසස්ම අධ්‍යාපන සම්මානය වේ.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ටෝස්ට්මාස්ටර්ස් සමාජය 2002 වසරේ දී පිහිටුවීමට කටයුතු කරනු ලැබූ අතර එය ශ්‍රී ලංකාවේ පිහිටුවනු ලැබූ 4 වැනි ටෝස්ට්මාස්ටර්ස් සමාජය මෙන්ම රටේ දෙවැනි ආයතනික සමාජය ද වේ. ආයතනික සමාජය පිහිටුවූ දා පටන් කථන තරඟ ජයග්‍රාහකයන් , ප්‍රදේශ සහ අංශ නිලධාරීන් මෙන්ම අධ්‍යාපන සම්මාන ජයග්‍රාහකයන් බිහිකිරිමට හැකිවී ඇත. ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනයෙහි (Sri Lanka Institute of Tourism & Hotel Management (SLITHM) “කථන ශිල්ප වැඩසටහනක්” මේ වසරේ දී පැවැත්වූ අතර නව ටෝස්ට්මාස්ටර්ස් සමාජයක් පිහිටුවීම සඳහා ශ්‍රීලංකන් ටෝස්ට්මාස්ටර්ස් සමාජයේ අනුග්‍රාහකත්වය ද මෙහිදී ලබාදී ඇත.

ITN News Editor
By ITN News Editor ජූනි 29, 2018 21:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar179.39183.06
USA
Pound232.18239.41
UK
Euro197.73204.49
EU
Yen1.621.67
Japan
Yuan25.726.91
China
Dollar121.84126.92
Australia
CountryCurrencyRate
Dinar480.97
Dinar597.39
Riyal470.97
Riyal49.80
Riyal48.33
Dirham181.33

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo