ලංකාවේ සිනමාව ජාත්‍යන්තරයට ගෙන ගිය සිනමාපට අතර “දැවෙන විහඟුන්” හෙවත් “Burning Birds” කියන්නේ මෑතකදි සිංහල සිනමාවට එක්වූ තවත් චිත්‍රපටයක්. අද සිට රීගල්, ලිඩෝ ඇතුළු සියලුම රිද්ම මණ්ඩලයේ සිනමාහල් වලදී චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට සූදානම් බවයි ආරංචිය.
අනෝමා ජනාදරී,සමනලී ෆොන්සේකා,චාන්දනී සෙනෙවිරත්න, මහේන්ද්‍ර පෙරේරා, පුබුදු චතුරංග, දසුන් පතිරණ, ශ්‍යාම් ප්‍රනාන්දු, ධර්මප්‍රිය ඩයස්, ලියෝනි කොතලාවල, තිස්ස බණ්ඩාරනායක, ප්‍රියංකා සමරවීර, දර්ශන් ධර්මරාජ් සහ සංජීව දිසානායක ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙන මෙහි අධ්‍යක්ෂණය සංජීව පුෂ්පකුමාර මහතාගෙන්.
මේ චිත්‍රපටය සුවිශේෂියි.මොකද එය ජාත්‍යන්තර සම්මාන රැසකින් පිදුම් ලබා ඇති නිසා.
ඒෂියන් වර්ල්ඩ් සිනමා උළෙලේදී හොඳම නිළියට හිමි සම්මානය මෙහි කුසුම්ගේ චරිතය නිරූපණය කළ අනෝමා ජනාදරී මහත්මිය දිනාගත් අතර ජපානයේ 17 වන ටෝකියෝ ෆිල්ම් එක්ස් අන්තර්ජාතික සිනමා උළෙලේ දී (17th Tokyo FILMeX International Film Festival) ජුරියේ සුවිශේෂ සම්මානය (Special Jury Prize/ දෙවන ස්ථානය) ද මෙම සිනමාපටයට හිමිවිය. 15 වන ජීනිවා අන්තර්ජාතික මානව හිමිකම් සිනමා (International Film Festival and Forum on Human Rights, Geneva) උළෙලේදී හොඳම චිත්‍රපටය වෙනුවෙන් වූ සම්මානය මෙන්ම තරුණ ජුරි සම්මානය දිනා ගැනිමට මෙම චිත්‍රපටය සමත් වුණා.
ප්රශස්ත සිනමා නිර්මාණයක් රස විඳීමේ ආශාවෙන් පසු වන ප්‍රේක්ෂකයන් ට “දැවෙන විහඟුන්” චිත්‍රපටය නැරඹීමෙන් අපූරු අත්දැකීමක් ලබා ගැනීමට හැකි වෙනවා නොඅනුමානයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/Ete76qLchWg”]