fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

2018 FIFA : කණ්ඩායම් 16 තරග හෙට සිට

ITN News Editor
By ITN News Editor ජූනි 29, 2018 13:19

2018 FIFA : කණ්ඩායම් 16 තරග හෙට සිට

21 වන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මුලික වටයේ තරග ඊයේ (28) නිමා උනා. එසේම පාපන්දු ක්‍රිඩා පිටියේදී බලාපොරොත්තු නොවූ සිදුවීම් රැසකට මුහුණ දීමට  ක්‍රිඩකයින්ට සිදුව තිබෙනවා. එංගලන්තය සමග පැවති තරගයෙන් ගෝල 01 බිංදුවක් ලෙස ජය හිමිකර ගැනීමට බෙල්ජියම සමත්වුණා. එහෙත් කණ්ඩායම් දෙකම 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තා.

සෙනගාලය  සමග පැවති තරගයේදී ගෝල 1 ට බින්දුවක් ලෙස ජය වාර්ථා කිරීමට ප්‍රබල කොලොම්බියා කණ්ඩායමට හැකිවුණා. එහිදි කොලොම්බියා කණ්ඩායම 16 වටයට තේරිපත් උනා.තවත් උණුසුම් තරගයක් ජපානය  හා පොලන්තය අතර පැවැත්වුණා. මෙම තරගය 01 බිංදුවක් ලෙස ජය ගත්තේ පොලන්තයයි. එහෙත් 16 වටයට සුදුසුකම් සපුරා ගත්තේ ජපානය පමණයි.ටියුනීසියාව හා පැනමා රාජ්‍ය අතර තරය ජය ගත්තේ ටියුනීසියාව යි. ඒ ගෝල 2-1 ලෙස. එම කණ්ඩායම් දෙකම 16 වටයට සුදුසුකම් ලැබුවේ නැහැ.

කණ්ඩායම් 16 තරග හෙට (30) ආරම්භ වනවා. එහිදි  උරැගුවේ පෘතුගාලය සමගත් ප්‍රංශය ආර්ජන්ටිනාව සමගත් තරග වැදිමට නියමිතයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 29, 2018 13:19

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්