නව පාසල් ගොඩනැගිල්ලකට මුල්ගල තැබිමේ උත්සවයක දී අත්වැරදීමකින් බුලත් අත මාරුවී ලබා දීම නිසා ස්ථාන මාරුවීමකට ලක්වූ අනුරාධපුර නිවන්තක චේතිය මහා විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයෙකුට රුපියල් දෙලක්ෂ පනස් දහසක වන්දි මුදලක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය උතුරු මැද පලාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතාට නියෝග කළා.
මාස දෙකක කාලයක් ඇතුලත ඔහු නැවත අනුරාධපුර නිවන්තක චේතිය මහා විද්‍යාලයේ සේවයට ඇතුලත් කර ගන්නා ලෙස පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරයාට ද නියෝග කෙරුණා. ඊට අමතරව විදුහල්පතිවරයාට රුපියල් පනස් දහසක නඩු ගාස්තුවක් ගෙවන ලෙස රජයට නියෝග කෙරුණා. අදාල හිටපු විදුහල්පතිවරයා ගොණු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය ප්රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලකුයි මෙම තීන්දුව ලබා දුන්නේ.