fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමෙරිකා රුසියා රාජ්‍ය නායකයන් සාකච්ඡාවට සූදානමින්

ITN News Editor
By ITN News Editor ජූනි 28, 2018 11:49

ඇමෙරිකා රුසියා රාජ්‍ය නායකයන් සාකච්ඡාවට සූදානමින්

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියා ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් අතර නිල හමුවක් පැවැත්වීමට එම රටවල් දෙක එකඟතාවකට පැමිණ තිබෙනවා. ජනාධිපති පුටින් සහ ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් අතර පැවැත්වෙන හමුවේ දී මේ බව සාකච්ඡා කෙරුණා.

මෙම හමුව දිගු කලක පටන් පැවැත්වීමට සැලසුම්කර තිබූ බවද ජෝන් බෝල්ටන් පෙන්වා දෙනවා. මෙම සාකච්ඡාව පැවැත්වෙන ස්ථානය, වේලාව සහ දිනය පිළිබඳ නිල නිවේදනය නිකුත් කෙරෙනු ඇති බවද ඔහු පැවසුවා. දෙරටේ නායකයින් දෙපළටම මෙම සාකච්ඡාව වැදගත් බවටත් දෙරයේ සහයෝගීතාව වර්ධනය කර ගැනීමට අවශ්‍ය බවත් ජෝන් බෝල්ටන් පැවති මාධ්‍ය හමුවේ දී කියා සිටියා.

ITN News Editor
By ITN News Editor ජූනි 28, 2018 11:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්