fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලුතිනන් කමාන්ඩර් චන්දනට විවෘත වරෙන්තුවක්

ITN News Editor
By ITN News Editor ජූනි 28, 2018 11:53

ලුතිනන් කමාන්ඩර් චන්දනට විවෘත වරෙන්තුවක්

පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් වීමේ සිද්ධියට අදාල සැකකරුවෙකු වන ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අයට විවෘත වරෙන්තු නිකුත් කෙරුණා. නඩුවට සම්බන්ධ තවත් සැකකරුවන් සිටී නම් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අයට අදාල වරෙන්තුව ඉංග්‍රීසි භාෂාවෙන් ද නිකුත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය දැනුම් දුන්නා. ඒ බව ආගමන විගමන පාලක ජෙනරාල්වරයාට ද දැනුම් දෙන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළා. සිද්ධියට අදාල සැකකරුවන් දෙදෙනෙකු වන හිටපු නාවික හමුදා සෙබළුන් දෙදෙනා ලබන 12 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. සැකකරුවන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් වාහනය නාවික හමුදාව භාවිත කළ එකක් බව අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරිය අධිකරණයට දැනුම් දුන්නා. එය පුද්ගලයින් පැහැර ගැනීමට භාවිත කර ඇති බව ද ඇය ප්‍රකාශ කළා. මේ සම්බන්ධයෙන් නාවික හමුදාව ලබා දී ඇත්තේ ධාවන සටහන් පමණක් බවයි රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ. අදාල වාහනය සම්බන්ධ තොරතුරු නාවික හමුදාව ලබා නොදෙන්නේ නම් ලිඛිතව නියෝග ඉල්ලා සිටින ලෙස මහේස්ත්‍රාත්වරිය රහස් පොලිසියට දැනුම් දුන්නා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට ඇප මත මුදා හැර සිටින නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී කේ පී දසනායක ඇතුලු සැකකරුවන් අධිකරණය හමුවේ අද පෙනී සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 28, 2018 11:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්