ට‍්‍රම්ප් සහ පුටින් අතර සාකච්ඡාවක්

ITN News Editor
By ITN News Editor ජූනි 28, 2018 11:53

ට‍්‍රම්ප් සහ පුටින් අතර සාකච්ඡාවක්

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සහ රුසියා ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් අතර සාකච්ඡාවක් පැවැත්වෙනවා. ඒ ලබන මාසයට යෙදී ඇති නේටෝ සමුළුව අතරතුරදී. ෆින්ලන්තයේ දී නායකයන් දෙපළ හමුවීමටයි සැළසුම් කර තිබෙන්නේ.

ඇමරිකා ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් රුසියාවේ සංචාරය කළා. ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් සමඟ පැවති සාකච්ජාවෙන් අනතුරුවයි හමුව ස්ථිර වුණේ. සිරියාව සහ යුක්රේනය ඇතුළු රටවල ගැටළු ගැනද අවධානය යොමු වුණා. දෙරට අතර මේ වන විට පවතින තත්ත්වය පිළිබඳව ද නායකයන් සාකච්ඡා කරන බවයි ජෝන් බෝල්ටන් සඳහන් කළේ. සම්බන්ධතා තහවුරු කර ගැනීමත් අරමුණක්. සිංගප්පූරුවේ පැවති ඇමරිකා උතුරු කොරියා සමුළුව පිළිබඳව ද සාකච්ඡා කරන බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor ජූනි 28, 2018 11:53

Default