පැසිපික් සාගරයේ කිසිදු බිම් අගලක් වෙනත් කිසිවෙකුට ලබා නොදෙන බව චීනය අවධාරණය කරනවා. චීන ජනාධිපති ක්ෂී ජින් පින්ග් ඇමෙරිකා ආරක්ෂක ලේකම් ජේම්ස් මැට්ටිස් හමුවෙමින් මේ බව කියා සිටියා.
ඔවුන් දෙදෙනා අතර හමුව සිදුවුයේ බෙයිජින් නුවරදී. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම හමුවේදී දෙරට අතර පවතින වෙළෙද ගනුදෙනු සහ ආරක්ෂක කටයුතු පිළිබද වැඩි අවධානයක් යොමු වූ බවයි. ඇමෙරිකාව සමග ශක්තිමත් වෙළෙද ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම තම අරමුණ බව චීන ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.