තැපැල් වර්ජනය හේතුවෙන් ගොඩගැසී ඇති ලිපි සියල්ල දින දෙකක් තුළ බෙදා හැර අවසන් කරන බව තැපැල් සේවකයන් පවසනවා.තැපැල් සේවක වැඩ වර්ජනය අවසන් කිරීමෙන් පසු මේ වන විට තැපැල් කාර්යාලවල කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබෙනවා.
ගොඩගැසී ඇති ලිපි බෙදා හැරීම සහ සාමාන්‍ය තැපැල් කාර්යාල සේවාවන් අද උදෑසන සිට සුපුරුදු පරිදි සිදු කෙරෙන ආකාරය දැකගැනීමට හැකිවූ බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.