අභ්‍යන්තර ගුවන් ගමන් ප්‍රවර්ධනය තුළින් ආර්ථික වාසි රැසක් හිමිකර ගත හැකි බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.
නිමල් සිරිපාල ද සිල්වා,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=_ixBuisqbw0&feature=youtu.be”]
දිවයිනේ අභ්‍යන්තර ගුවන් ගමන් පද්ධතිය සංවර්ධනය කිරීමට වත්මන් රජය පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. අයි ඩබ්ලිව් එස් පෞද්ගලික ගුවන් සේවා සමාගමට අයත් වැලිසර හෙලිකොප්ටර් යානා අංගනයේ පැවති සමාරම්භක උත්සවකට සහභාගී වෙමිනුයි නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව සදහන් කළේ. අමාත්‍ය රවුෆ් හකීම්, ගුවන් තොටුපොල හා ගුවන් සේවා සමාගමේ විධායක අධ්යක්ෂ ජොහෑන් ජයරත්න, අයි ඩබ්ලිව් එස් පෞද්ගලික ගුවන් සේවා සමාගමේ සභාපති අයි ඩබ්ලිව් සේනානායක යන මහත්වරුන් ද මෙම අවස්ථාවට සහභාගී වුණා.