වෙළෙඳ යුද්ධය, දකුණු චීනයේ යුද අභ්‍යාස ඇතුලු ගැටලු කිහිපයක් පිළිබඳ සාකච්ඡා කිරීමට ඇමෙරිකා ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් චීනයේ සංචාරයක නිරත වනවා. ඔහු චීන බලධාරීන් සමග සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට නියමිතයි.
ඇමෙරිකා රාජ්‍ය ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධානියෙකු චීනයේ සංචාරයක නිරත වන්නේ 2014 වසරෙන් පසුවයි. ඔහු චීන ආරක්ෂක අමාත්‍ය වී ෆෙන්ගේ සමග එක් සාකච්ඡා වටයක් පවත්වා ඇති බව සදහන්. ඔහු ඉදිරියේ දී චීන ජනාධිපතිවරයා ද හමුවීමට නියමිතයි.