බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට එරෙහි තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ ජය හිමි කර ගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. පළමු ඉනිමේ දී මුලින්ම පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායම ලකුණු 204ක් රැස් කළා. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට ලබා ගත්තේ ලකුණු 154ක් පමණයි.
කොදෙව් කණ්ඩායම දෙවැනි ඉනිමෙන් සියලුදෙනා දැවි ලකුණු 93ක් රැස්කර ගත්තා. ඒ අනූව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට හිමිවූ ඉලක්කය ලකුණු 144ක්. කඩුළු හයක් බිඳ වැටී එම ලකුණු සංඛ්‍යාව රැස් කිරිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූනා. ඒ අනූව තරඟාවලියේ තරඟ එක බැගින් ජය ගැනිමට දෙරටම සමත් වුණා.