අන්ධකාරයේ ගිලී සිටි ලක්වාසී ජනතාව බුදුන් වහන්සේ අනුදැන වදාළ ධර්ම මාර්ගයට යොමුකළ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය අදයි. මිහින්තලා උදාගිරෙන් ලක්දිවට පෑයූ පොසොන් සඳ අපේ ජන ජීවිතය,සමාජය හා සංස්කෘතිය නව වෙනසකට යොමු කළා.
දඹදිව ධර්මාශෝක අධිරාජ්‍යයාගේ දායකත්වයෙන් පැවැත්වූ තුන්වන ධර්ම සංඝයානාවෙන් පසු රටවල් නවයකට ධර්ම දූත කණ්ඩායම් පිටත් කර හැරුණු බව ශාසන ඉතිහාසයේ සඳහන්. ඒ අනුව, අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ප්රමුඛ ඉත්ථිය, උත්ථිය, සම්භල, භද්දසාල යන ස්වාමීන්වහන්සේ ද සුමන සාමණේරයන් වහන්සේ සහ භණ්ඩුක උපාසක යන දූත පිරිස සදහම් පණිවුඩය රැගෙන අද වැනි දිනෙක ලක්දිවට පැමිණියා. මිහිඳු මහරහතන් වහන්සේට දේවානම්පියතිස්ස රජතුමා හමුවන විට රජු ඇතුළු පිරිස මුව දඬයමේ නිරත වූ බව ඉතිහාසයේ දැක්වෙනවා. රජතුමාට චුල්ලහත්ථී පදෝපම සූත්‍රය දේශනා කරමින් ලක්දිව බුදු සසුන පිහිටුවීමේ ආරම්භය සටහන් වූයේ ද එදිනයි. බුදු දහම ව්‍යාප්ත වීමත් සමඟ මෙරට ආගමික, සමාජීය, සංස්කෘතික හා ආර්ථික යන ක්ෂේත්රවල පුනර්ජීවය සිදුවුණා. මේ උතුම් පූජනීය දිනය සිහිපත් කරමින් ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් රටපුරා සැදැහැවතුන් ආගමික වතාවත්වල නිරත වනවා.