විශේෂ කාර්ය බලකාය සමග ඇති වූ වෙඩි හුවමාරුවකදී සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙනවා. සංවිධානාත්මත අපරාධ මර්දනය කිරීම සදහා රජය මේ වන විටත් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.
අකුරැස්ස විල්පිට ප්‍රදේශයේ දී පොලිස් අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයක ගමන් ගත් පිරිසක් හා විශේෂ කාර්ය බලකා නිලධාරීන් අතර ඊයේ (25) ඇති වූ වෙඩි හුවමාරුවේදී අපරාධ කල්ලි සාමාජිකයෙකු ජීවිතක්ෂයට පත්වුණා. එහිදී සැකකරුවන් දෙදෙනෙකු පලාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර,
[ot-video type=”youtube” url=”https://youtu.be/E8GHD-LvOc0″]
අපරාධ කල්ලි මර්දනය සදහා පොලීසිය හා ත්‍රිවිධ හමුදාව එක්ව ආරක්ෂක අමාත්‍යාංශය විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. යුද්ධයෙන් පසු විවිධ කණ්ඩායම්වලට ලැබුණු ආයුධ විවිධ අපරාධ සදහා යොදා ගන්නා බවට තොරතුරු හෙළිවී ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ඊයේ ප්‍රකාශ කළා.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන,
[ot-video type=”youtube” url=”https://youtu.be/szC7peOIEKY”]
කැබිනට් සාකච්ඡාවෙන් අනතුරුව නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා ද මෙලෙස අදහස් පළ කළා.
නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර,
[ot-video type=”youtube” url=”https://youtu.be/cn1K9dKrhJg”]