ආසියානු යටිතල පහසුකම් සඳහා වන ආයෝජන බැංකුවේ වාර්ෂික සමුළුව පසුගියදා පැවැත්වුණා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අමාත්‍ය මංගල සමරවීර මහතා ද සමුළුවට සහභාගී වුණා. ආසියානු යටිතල පහසුකම් සඳහා වන ආයෝජන බැංකුවේ වාර්ෂික සමුළුව ඉන්දියාවේ මුම්බායි හිදී පැවැත්වුණා. සමුළුව ඇමතූ අමාත්‍ය මංගල සමරවීර මහතා කියා සිටියේ ශ්‍රී ලංකාව මේ වන විට සංවර්ධන ව්‍යාපෘතීන් රැසක් ක්‍රියාත්මක කර ඇති බවයි.
ශ්‍රී ලංකාව මේ වන විට නාගරික ප්‍රදේශවල තිරසර සංවර්ධන කටයුතු සඳහා වැඩි අවධානයක් යොමුකර ඇති අතර නිවාස, සෞඛ්‍ය, නීපාරක්ෂක පහසුකම් ආදිය පිළිබඳ වැඩි අවධානයක් යොමුකර ඇති බවද අමාත්‍ය මංගල සමරවීර මහතා මෙහිදී ප්‍රකාශ කළා. නාගරික ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම එහි අරමුණයි.
ඒ සඳහා රජය මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය හරහා මෙගා පොලිස් සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ නාගරික තිරසර සංවර්ධනය ඉහළ මට්ටමකට ගෙන එමින් ස්වභාවික පරිසරය ද රැක ගන්න සංවර්ධනයක් ඇතිකරවීමට කටයුතු කරන බවයි මංගල සමරවීර මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ. 2018 අයවැය නීලහරිත අයවැයක් ලෙස හඳුන්වාදීමට කටයුතු කළ බවද අමාත්‍යවරයා කියා සිටියා.