fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාපන්දු සුපිරි කණ්ඩායම් 16 වටය සඳහා කණ්ඩායම් 04 ක්

ITN News Editor
By ITN News Editor ජූනි 26, 2018 17:03

පාපන්දු සුපිරි කණ්ඩායම් 16 වටය සඳහා කණ්ඩායම් 04 ක්

21 වන පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් 16 වටය සඳහා කණ්ඩායම් 04 ක් ඊයේ සුදුසුකම් ලබා ගත්තා. රුසියාවේ පැවැත්වෙන තරගාවලියේ ඒ කාණ්ඩය යටතේ පැවති තරගයකදී ඊජිප්තුවට එරෙහිව ගෝල 01 ට 02 ක් ලෙස ජයග්‍රහණය වාර්තා කිරීමට සවුදි අරාබිය සමත් වුණා. කෙසේ වෙතත් ඔවුන්ට සුපිරි කණ්ඩායම් 16 වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට හැකිවුනේ නැහැ.

මේ අතර එම කාණ්ඩය යටතේ පැවති තරගයකදී ගෝල 03 ට බින්දුවක් ලෙස රුසියාව පරාජය කිරීමට උරුගුවේ කණ්ඩායම සමත්වුණා. කෙසේ වෙතත් මෙම කණ්ඩායම් දෙකම සුපිරි කණ්ඩායම් 16 වටය සදහා සුදුසුකම් ලබා ගත්තා. මේ අතර බී කාණ්ඩය යටතේ ඉරානය හා පෘතුගාලය අතර පැවති තරගය ගෝල 01 ට 01 ක් ලෙස ජය පැරදුමෙන් තොරව අවසන් වුණා.

කෙසේ වෙතත් පෘතුගාලය  සුපිරි කණ්ඩායම් 16 වටයට සුදුසුකම් ලබා ගත්තා. එම කාණ්ඩය යටතේ පැවති ස්පාඤ්ඤය හා මොරොක්කෝව අතර තරගය ගෝල 02 ට 02 ක් ලෙස ජය පැරදුමෙන් තොරව අවසන් වුණා. ඒත් සමගින් සුපිරි කණ්ඩායම් 16 වටයට සුදුසුකම් ලබා ගත්තේ ස්පාඤ්ඤයයි.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 26, 2018 17:03

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්