අගමැති කුසලාන පිලිමලුන් පිටු දැකීමේ පාසල් රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට මහනුවර ශ්රී සුමංගල විදුහල සමත්වුණා. ඒ කොළඹ ආනන්ද විදුහල පරාජය කරමින්. සුගතදාස ක්රීඩා පිටියේ පැවති තරගයේ පළමු අර්ධය නිමාවන විට ඉතා උණුසුම් තරගයක නිරත වූ කොළඹ ආනන්ද විදුහල හා මහනුවර සුමංගල විදුහල ලකුණු 14 බැගින් ලබා සිටියා.
එහෙත් දෙවන අදියරේදී ආක්රමණශීලී තරග රටාවක නිරත වූ මහනුවර ශ්රී සුමංගල විදුහල ලකුණු 38 ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ වන විට කොළඹ ආනන්ද විදුහලට ලබාගත හැකිව තිබුනේ ලකුණු 31 ක් පමණයි. මේ අනුව අවසන් මහා තරගය මහනුවර ශ්රී සුමංගල විදුහල හා කොළඹ තර්ස්ටන් විදුහල අතර පැවැත්වෙනු ඇති.