රුසියාවේ පැවැත්වෙන තරගාවලියේ ඒ කාණ්ඩය යටතේ පැවති තරගයකදී ඊජිප්තුවට එරෙහිව ගෝල 01 ට 02 ක් ලෙස ජයග්රහණය වාර්තා කිරීමට සවුදි අරාබිය සමත් වුණා. කෙසේ වෙතත් ඔවුන්ට සුපිරි කණ්ඩායම් 16 වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට හැකිවුනේ නැහැ.
මේ අතර එම කාණ්ඩය යටතේ පැවති තරගයකදී ගෝල 03 ට බින්දුවක් ලෙස රුසියාව පරාජය කිරීමට උරුගුවේ කණ්ඩායම සමත්වුණා. කෙසේ වෙතත් මෙම කණ්ඩායම් දෙකම සුපිරි කණ්ඩායම් 16 වටය සඳහා සුදුසුකම් ලබා ගත්තා. මේ අතර බී කාණ්ඩය යටතේ ඉරානය හා පෘතුගාලය අතර පැවති තරගය ගෝල 01 ට 01 ක් ලෙස ජය පැරදුමෙන් තොරව අවසන් වුණා. මේ අනුව පෘතුගාලය සුපිරි කණ්ඩායම් 16 වටයට සුදුසුකම් ලබා ගත්තා. එම කාණ්ඩය යටතේ පැවති ස්පාඤ්ඤය හා මොරොක්කෝව අතර තරගය ගෝල 02 ට 02 ක් ලෙස ජය පැරදුමෙන් තොරව අවසන් වුණා. ඒත් සමගින් සුපිරි කණ්ඩායම් 16 වටයට සුදුසුකම් ලබා ගත්තේ ස්පාඤ්ඤයයි.