චීනයේ දකුණුදිග ප්‍රදේශයට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් දෙලක්ෂ විසි දහසකට වැඩි පිරිසකට බලපෑම් එල්ල වී තිබෙනවා.
පසුගිය දින කිහිපයේ සිට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග ගුන්සි ප්රදේශයටයි වැඩි බලපෑම් එල්ල වී තිබෙන්නේ. එම ප්‍රදේශයේ එක්ලක්ෂ විසිහතර දහසකට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටිනවා. අවතැන් වූ සංඛ්‍යාව දෙදහසකට ආසන්න බවයි එරට වාර්තා සදහන් කරන්නේ. යුනාන් දිස්ත්‍රික්කයටද වර්ෂාවෙන් බලපෑම් එල්ල වූ අතර මාර්ග රැසක් ජලයෙන් යටව පවතින බව ද වාර්තා වනවා. කණ්ඩායම් කිහිපයක් ඔස්සේ විපතට පත්වූවන් ගලවා ගැනීමේ මෙහෙයුම් ද ක්‍රියාත්මකයි.