උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන් නතර කිරීමට සැළසුමක් ඉදිරිපත් කරන බව ඇමරිකාව ප්‍රකාශ කළා. කාලවකවානු නිශ්චිත කර ගැනීමයි අරමුණ. එභෙත් මේ දක්වා ඒ සම්බන්ධයෙන් කිසිදු කි‍්‍රයාමාර්ගයක් ගෙන නැති බවයි ඇමරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේ සදහන් කළේ.
මූලික අදියරේ වැඩසටහනක් සිංගප්පූරු සමුළුවේදී ආරම්භ කර තිබෙනවා. කෙසේ වෙතත් ඉදිරි මාස හයක කාලය තුල නිශ්චිත කි‍්‍රයාමාර්ග ගැනීමයි සැලැස්ම. න්‍යෂ්ටික වැඩසටහන් නතර කිරිම ජාත්‍යන්තර සාමයට මූලික අවශ්‍යතාවක්. දකුණු කොරියාව සමඟ සැලසුම් කර තිබු ආරක්ෂක අභ්‍යාස නතර කිරිමටත් ඇමරිකාව පියවර ගත්තා. අර්ධද්වීපයේ පවතින උණුසුම්කාරි වාතාවරණය සමථයට පත්කිරිම එහි අරමුණ බවයි ඇමරිකා රාජ්‍ය ලේකම්වරයා පවසන්නෙ.