තායිලන්තයේ මහ මැතිවරණය ලබන වසරේ පවත්වන බව එරට නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා පවසනවා.ඒ අනුව ලබන වසරේ මැයි මස 5 වනදා තායිලන්ත මහමැතිවරණය පැවැත්වීමට නියමිතයි.
කෙසේ වෙතත් එය ලබන පෙබරවාරි මාසයේ දී පැවැත්වීමටයි කටයුතු යොදා තිබුණේ. ව්‍යවස්ථානුකූල කොන්දේසි අනුව පෙබරවාරි 24 වනදායින් පසු දිනෙක මහමැතිවරණය පැවැත්විය යුතු බවට තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය විස්සානු ක්රේග්නං මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුවයි ලබන වසරේ මැයි මාසයේදී මහ මැතිවරණය පැවැත්වීමට තීරණය වී ඇත්තේ.